🍂 24 කොටස

437 37 22
                                    


🌼 මල්සර



සිතුක වැඩ්ඩා වගෙ කිචන් එකට ආවෙ වෙන මොකටවත් නෙවේ අපෙ ලෙඩාට සුප් එකක් හදන්න. හැබැයි ඉතිං ඒක නෙවේ මෙතන තියෙන ලොකුම කේස් එක. සිතුක ජීවිතෙට උයලා නැති එක තමා ප්‍රශ්නෙ. හෙ හේ... තේ එකක් ලාවට ලයින් කරගන්න පුලුවන් වුනාට කෑමක් කියලා දෙයක් නම් ජීවිතෙට හදලා තියා හදන්න උත්සාහ කරලවත් නෑ සිතුක.

එහෙව් එකෙ දැන් ⁣කොහොමද එතකොට සුප් හදන්නෙ කියලා ඔයාලා හිතනවා ඇති. ඉට්ස් එක්ස්⁣පරිමන්ට් ටයිම්.. හික්ස්... පරික්ෂණාගාර මීයා තමයි රනුඝ. අර අසරණ ලෙඩ මනුස්සයට ලෙඩ දෙපිටින් යන්න වැඩක් සෙට් කරයිද මේකා. බලමු නෙ අපි.

සිතුක සුප් එක හදන්න ඕන කරන එලවලු එකින් එක ෆ්‍රිජ් එකෙන් එලියට ගත්තට සමහර එලවලු සුප් එකට දානවද නැද්ද කියලවත් කොල්ලට මතක නැ.

" කැරට් දානවා ලීක්ස් දානවා අල දානවා ම්ම්ම් රතු අලත් දානවද.. මතක නැනෙ.. ආයිශ්.. නැනෙද... සුප්වල රතු පාටට මුකුත් නෑනෙ.. තව මොනාද දාන්නෙ එතකොට.. අහ් බෝංචි දානවා.. පතොලත් දානවද.. ම්ම්ම්.. ඔන්නොහෙ ඒකත් දාමු.. "

කොල්ලා තනියම කියව කියව එලවලු ජාති තෝරනවා.

" අහ් බන්ඩක්කා තියෙනවා.. මාළු මිරිසුත් තියෙනවා.. මේවා දානවද මතක නැ කමන්නැ දාමු.. සුප් සැරයි නෙ කොහොමත්.. ළුැණු, සුදු ළුැණුත් දානවා නේ... ම්ම්ම් එලවලු ටික හරි.. තව මොනාහරි දානවා නේද.. ආ හාලුත් දානවා නේ.. පරිප්පුත් දාමු අපි... "

බඩු ටික ඔක්කොම ලැස්ති කරගෙන සිතුක ඔන්න වැඩේට බැස්සා. ඉස්සෙල්ලාම අල ⁣වගේම කැරට් ටික සුද්ද කරා.. සුද්ද කෙරුවා කිව්වට ළමයි ඒකා වටේම පොතු ටික කපලා කපලා කැරට් අලෙ බාගයක් සුද්දම කරලා දැම්මා.. අලගෙඩියටත් ඒ සෙතේ තමා. හෙ හෙ උයන්න දන්නැති එකා කැරට් අලයක් සුද්ද කරගන්න දැනන් ඉඳිවිද. ළුැණු ටිකත් සුද්ද කරා. ඊට පස්සෙ අනිත් එලවලු ටිකත් ගානට හෝදලා අරන් කපන්න ගත්තා. හැබැයි පොර පතෝල සුද්ද කරන වගක් දන්නැ.. ඒකත් නිකන්ම කෑලි කපලා දැම්මා. කපන අස්සෙ මස් කැලි දෙක තුනකුත් කැපිලා ගියා හැබැයි ඒක වෙනම කතාවක්. අත කැපුනා කියලා එළ කොල්ලො ඒමත් සැලෙනවද.. නැනේ නැනෙ....

You've reached the end of published parts.

⏰ Last updated: Apr 06 ⏰

Add this story to your Library to get notified about new parts!

 🌼 මල්සර ( Non - Fiction )Where stories live. Discover now