🌼 මල්සර
" රනූ...... අ.. අනෙ..... අයියා..... "
අයියා... අයියගෙ නම ඇහෙද්දිම ඇඟ දිගේ හිරියක් යනවා වගේ දැනුන මට.
" අයියා..... හෙලො අක්කෙ කතා කරන්නකො... අයියා ගැන මොකද්ද "
මට බයක් දැනෙනවා... නැ නරක දෙයක් වෙන්න එපා.
" රනූ අ... අයියගෙ කාර් එක ඇ.....ඇක්සිඩන්ට්.. වෙලා... අනෙ... රනූ.... අයියා .... එයා මාව ගන්න එන්න ආාව..... දෙයියනෙ... එයා අතුරුදහන් වෙලා...... අයියා..... - ටීක් ටීක් ටීක් - "
අඬන ගමන්ම අක්කා කිව්වා දේවල් මට එකපාරටම ගලපගන්න බැරිවුනා. එහා පැත්තෙන් ලයින් එක කට් වෙද්දි මම එහෙම්මම ඉමාගෙ උරහිස බදාගත්තෙ මගෙ කකුල් දෙක පන නැතිවෙනවා දැනෙද්දි.
" රනුවා... ඇයි බං.. කියහන්කො මාව බය නොකර.. අක්කා මොනාද කිව්වෙ "
මොකද්ද ඒ අක්කා කිව්වෙ.. මේක විහිලුවක් ද...... අයියා ඇක්සිඩන්ට් වෙලා නම්.. එයාට තුවාලද. මගෙ අයියා... එත් අතුරුදහන් කිව්වෙ මොකද්ද.. මොනාද එයා කිව්වෙ ඒ.
" කතා කරහන්කො යකො.... රනුවො.... ඔයි.. මොකද වෙලා තියෙන්නෙ "
මාව එහාට කරල උරහිසෙන් හොල්ලන ගමන් ඉමා කෑගහද්දි මම ඌ දිහා බැලුවෙ ඌට කියන්න දෙයක් තෝරගන්න බැරුව. ඉමාගෙ සද්දෙට මං හිතන්නෙ වටෙ හිටපු අයත් අපි දිහා බැලුවා.
" ඉමා... අපෙ අයියා.... ඇක්සිඩන්ට් වෙලාලු.... එ අනිත් අතට අක්කා කියනවා අයියා අතුරුදහන් වෙලාලු "
" මොනවා... ඇක්සිඩන්ට් වෙලා.. අතුරුදහන් වෙලා.. මොනාද බං කියන්නෙ.... ආ.. හරි හරි කලබල නොවි කියහන් ආයෙ.. අක්කා මොකද්ද කිව්වෙ "
" මං දන්නැ බං.... මට පිස්සු ද අක්කට පිස්සුද කියලා.. එයා කිව්ව දේවල් තෙරෙන්නැ මට... ඉමා.... අපෙ එකා ගැන බයක් දැනෙනවා බං මට "
කොන්ඩෙත් අතින් ඇදගෙන මම කියවගෙන ගියෙ දැන් මොනවද කරන්න ඕනෙ කියලවත් මගෙ මොලේට තෙරෙන්නෙ නැති වෙද්දි. මෙ දැනෙන විකාර හැගිමට මම ආස නෑ.
" හරි හරි.... රනුවා.. මෙ අහපන්කො.. අපි දැන් යමු.. ගිහින් බලමු මොකද වෙලා තියෙන්නෙ කියලා.. හරිද.. කෝ මෙ බලහන්කො.. බය නොවි ඉදහන් "
YOU ARE READING
🌼 මල්සර ( Non - Fiction )
Non-Fictionමගේ කලු සුදු ලෝකෙ පාට කරන්න ආපු පුංචි සුරදූතයො.... ඉතිං වස්තුව, උඹට පුලුවන් ද මාව දරාගන්න. ❤︎❀❤︎