27

70 10 4
                                    

" කොතනින්ද පටන් ගන්නෙ " ආයු ගෙට ආව ගමන් ඇහුවෙ ඒක. නැත්තන් ඉතින් කනක් ඇහිලා ඉන්න වෙම්නෙ නෑනෙ.

" ගෙදර පිටිපස්සෙ වෙලෙන්ම පටන් ගමු "

ආයු ඉවේන් දෙන්නා මිස්ටර් දේවප්‍රියලගෙ ගෙදර ගිහින් ආව ගමන් කට්ටියම යන්න ලෑස්ති වුනේ වෙල පැත්තට.  ගමට ආව කට්ටියම ආව ගමන් දැක්ක දේ කාලෙකින් ආයු වුනත් ඇවිල්ලා නැති තැනට. පොඩිකාලෙ ආයු ආසම තැන. මාර ගහ ලග ගලට වෙලා ඉන්න තාමා ඉස්සර ආයු ආසම.

" ආ සුදු මහත්තයා දැන්ද ආවෙ "

" නෑ දවල් ආවෙ අයියෙ "

" මම දැක්කා ඒත් කාර් එක දේවප්‍රිය මාමලගෙ ගෙවල් පැත්තට යනව "

" අහ් "

ඒ වෙන කවුරුත් නෙමේ ආයුගෙ ලොකු අම්මාගෙ පුතා රුෂිත්. ආයුට වඩා අවුරුදු දෙකක් වැඩිමල්. එයා ආයුලගෙ සීයගෙ කුරුණෑගල තියන අනිත් රිසෝට් එකේ වඩ ටික බලනවා. රුෂිත් කතා කරනවත් එක්කම ආයුගෙ යාලුවො ටිකගෙනන් මුණ දෙක වුනා. මොකද ඉතින් ආව වෙලාව්‍ර් ඉදන් මොනවහරි දෙයක් වෙලා යන්න බැරි වෙනවනෙ.

" ගොඩක් කාලෙකින් "

" ඔව් අයියෙ. එක්සෑම් හින්දා ආවෙ නෑනෙ "

" ම්ම් මේ යාලුවොද "

" ඔව් "

" කොහෙහරි යන්නද "

" වෙල පැත්තට යනවා ඔයත් එනවද "

" බැරි වෙයි සුදු මහත්තයා. ඔයාලා යන්න මම පුළුවන් වුනොත් එන්නන් "

රුෂිත් ගෙට යනකොට ආයු යාලුවොත් ඇදගන ගියේ වෙල පැත්තට. වෙල මැද තියන මාර ගහ ලගට යනකන් ගිය ආයු එතන තියන ගල උඩින් ඉදගත්තා. ඉවේන් ඇවිල්ලා ආයුට පිටිපස්සෙන් ඉදගන් එයාව බැක් හග් කරන ගමන්. සත්රූ ඉදගන්නකන් ඉදලා යෙහාන් එයට හේත්තු වෙලා ඉදගත්තා. සිතුම් ඉදගන්නකන් ඉදලා යොවිදු එයාගෙ කකුලෙන් ඔලුව තියන් ගල උඩ දිගා වුනා. රක්ෂිත , යෙනුජ දෙන්නා වෙලේ ටිකක් ඇවිදලා එන්නන් කියලා යන්න ගිය.

" සිතූ ඔයා මෙහාට ආසද "

" ඔව් නිදහස් නේද "

" ම්ම් , ආයු අනිද්දා යන්නැතිවෙයි නේද "

ආයු ( Non fiction )Where stories live. Discover now